Thursday, April 22, 2010

කෝ රණවිරුවා???????????

මීට මාස කීපයකට කලින් මෙයාල ගැන මහ ඉහලින් කතා කලා...දැන් මතකද කාටවත් මේ රණවිරුවා කියන කෙනාව......??????


ලංකාවේ මිනිස්සුන්ට පරම්පරාගත ලෙඩක් තියෙනවනේ ඔය අමතක වීම කියලා......තාම බේත් නෑලූ...........පව්.




ඒ දවස් වල යුද්දෙ කාලේ අපෙ සහෝදර රණවිරු රණවීරවරියන්ට සැලකුවේ මහ ඉහලින්..බෝධි පූජා තිබ්බා,රටේ සෑම ආගමික ස්ථානයකම පුද පූජා තිබ්බා,ආශිර්වාද කලා..
ගමට ආමි කොල්ලා එනකොට තොරන් බැන්දා..ආමි කොල්ලගේ කෙල්ල මගට දුවගෙන ආවා..කෝ දැන් ඒවා?????????
දැන් එයාල ගැන එක දැන්වීමක්වත් ටීවී එකේ යන්නෙ නැති තරම්..යුද්දේ අයිතිය ගැන කියෝ කියෝ එක එක්කෙනා ලකුනු දාගන්නවා..(මහ නින්දිත වැඩක්)..


කරවටක් මඩ වගුරු වල එරි එරී,නිදහසේ බත් කටක් කන්න නැතුව,දවස් ගානක් නාන්න නැතුව,දරුවෙක් මල්ලෙක් බිරිද දකින්න නැතුව සියක් කෝටි දුක් විදපු ඒ අපේම එකාව කාගෙ කාගෙත් මතකයෙන් ඈත් වෙලා..
හැමදාම කියන්ව වගේ ඒ දෙවියො ඒ කටයුත්ත කරපු නිසා තමා ඔයත් මමත් මේ පෝස්ට් එක කියෝන ඔයත් අද මෙතන ඉන්නෙ....
මේක මෙහෙම කිව්ව්ට සැප වාහන වල යන,සැප කෑම කන,අම්බානට සැපගන්න මේ රටේ උන්ට මේක තේරෙන්නෙ නෑ කවදාවත්.......කාටවත්......
යුද්දෙ ඉවරයි කියලා ඒ අපේම එකා තාම නිදහසේ  හුස්මක් ගත්තේ නෑ...තාමත් වැඩ...ඔව් තාමත්....
ත්‍රස්තවාදීන් විනාශ කරපු ඒ අපේම රට නැවතත් තිබුනටත් වඩා හොදට ගොඩනගන්න තාමත් උදේ රෑ නොබලාම ඒ අපේ එකා වැඩ..


...............


මේ යුද්දෙ ඉවර කරන්න නිවැරදි නායකත්වයක් ලැබුනා තමා...
ඒත් ඒ අණ පිලිපදින්න ක්‍රියාත්මක කරන්න නියම වැඩකාරයෝ ඉන්නත් ඕනා..
ජාතියේ පිනට පහල වෙච්ච අන්න ඒ උතුම් අපේ උන් හින්දා අපේ පන කෙන්ද තාමත් තියෙනවා...


ඒ අපේ එකාව අමතක කරන්න එපා..
ගමක ගම්බාර දෙවියෝ වගේම තමා   රණවිරුවා....
මගෙ අදහසනම් ඒ අපේ එකා ගම්බාර නෙමේ රට බාර දෙවියෝ කියලා...........






අපෙන් එකෙකි ඒ මිනිසා..................................

Thursday, April 15, 2010

අලුත් අවුරුද්ද කාගෙද????

මට යන්න උනා හදිස්සියෙම හොස්පිටල් එකට අපේ මාමා කෙනෙක්ව ලෙඩ වෙලා නවත්තන්න..(ඔයාල බලනවා ඇති මොකක්ද මේ කියන්න යන්නෙ කියලා නේද??)..
හරි......ඉතින් එයාව වාට්ටුවට දාලා එහෙම මම පැත්තක තිබුන පුටුවක ඉදන් හිටියා..ඔය අතරෙ ඒ වාට්ටුවේ හිටිය ලොකු මිසී කියනව ඇහුනා "අපිට අවුරුදු නෑනෙ,අපි කැතලික්නෙ"කියලා..
මට ඒකට මාර අප්සට්..(අහන්න හිතුනා මිසී සිංහල නෙමේද කියලා,ආයෙ මොකටද නෝන්ඩි උනොත් කියලා මම නෙමෙ කට ඇරියේ..මට හිතුනා අවුරුද්දත් හරියට වෙසක් නත්තල් වගේ වෙලා කියලා..

ඔය අතරේ මම ගෙදර ඇවිත් ගියා මගෙ වෙන්න නෝනගෙ ගෙදර..අවුරුදු දාට කලින් දා..ඔහොම කතා කර කර ඉන්නකොට උන්ද කියපි හෙට උදේම නැගිටින්න ඕනා නැකතට කිරිබත් උයන්න කියලා..මම ඇහුවා ඔයා ආගමේනෙ ඇයි අවුරුදු කියලා..(මට කියන්න අමතක උනානේ වෙන්න නෝන ක්‍රිස්තියානි කියලා..)
එතකොට එයා කිව්වා අපි ආගමේ උනාට සිංහල කියලා..මාර ටෝක් එක..මට මාර හැපි..
මිසීගෙයි වෙන්න නෝනාගෙයි සිතුවිලි වෙනස කොහොමද???????

(වරදවා තේරුම්ගන්න එපා මගෙ වෙන්න නෝනා හරි උසස් කියන්න නෙමේ මේක ලිව්වෙ)


ආගම්,ජාති,කුල බේද මේ කිසිම දෙයක් අලුත් අවුරුද්දට අදාල නෑ....
අපි කවුරුත් මිනිස්සු..............

මමත් ඔයාලගෙන් ඉල්ලන්නෙ මේ වගේ වර්ග වාද ජාති වාද හදන්න කිසිම විදියකින්   (වචනෙකින්වත්) උදව් වෙන්න එපා කියලා....................

කවුරුත් තරහ නෑ නේද මාත් එක්ක???????


Monday, April 12, 2010

අලුත් අවුරුද්ද............. (වෙනස් වෙලා හැමදේම)

මට හිතෙන දැනෙන හැටියටනම් අවුරුද්දේ ලස්සනම කාලෙ තමා අප්‍රේල් මාසේ..
ලස්සනට මල් පිපිලා.ගහ කොල කොල පාටින් දිලිසෙනවා..ඒ විතරක් නෙමේ අවුරුදු කාලෙට විතරක් හැදෙන කජු පුහුලන් හරියට නිකම් ගස් වල ලයිට් දාලා වගේ..කොහොමද හෝදලා කපලා ලුනු ගම්මිරිස් දාලා ගත්තම......(කටට කෙලත් උනනවා නේද?)
අමතකම කරන්න බෑනෙ කොහාව...කනට අහන්න පුලුවන් ලස්සනම සද්දයක් තමා ඒ සද්දේ..
කොයි තරම් කුරුල්ලො ඉන්නවද..පරිසරයම අමුතු විදියට අලුත් වෙලා..
ගම්වල මිනිස්සු පොඩි එකාගෙ ඉදන් මහල්ලා දක්වා ඒ අලුත් වීම පැතිරිලා යනවා..
අමුතුම හැගීමකින් අමුතුම සහොදරත්වයකින් සිත් එකට යා වෙනවා..


ගොයම් කපලා අස් කරපු වෙල්වල කොයි කවුරුත් ඇවිත් සෙල්ලම් කරනවා..විහිලු තහලු ඕන තරම්....පුදුම එකමුතුවක්...............

අවුරුදු කාලෙට ගෙවල් අලුත් කරන ගමන් කැවිලි වර්ග හදනවා..පොඩි එවුන්ටනම් අවුරුදුම තමා..උන් අම්මලට හොරෙන් කැවුම් ගෙඩියක් හොරෙන් අරන් දුවනවා..

ලෝකෙම හම්බ උනා වගේ උන්ට..

නැකැත් වෙලාවට පවුලේ කොයි කවුරුත් එකතු වෙලා එකට ඉන්න ගමන් කිරිබත් කටක් කාලා නියම විදියට චාරිත්‍ර ටික කරලා මාර සතුටකින් ඉන්නේ...
ඊට පස්සෙ තියෙන දෙයක් කදමලු බැදන් යනවා නෑදෑයෝ බලන්න..

මේක මෙහෙම කිව්වට දැනෙන්නෙ නෑ කවදාවත්...

නගරෙන් ගමට ගිහින් බලන්න ඕනා මොන තරම් නිදහසක් සැහැල්ලුවක් තියෙනවද කියලා......


මං මේ කිව්වෙ මීට අවුරුදු 7 8 කට කලින් තිබුනු සමාජය ගැන..
දැං කාලෙ නගරෙ ඉන්න ලමයිටනම් මේ දේවල් හීන විතරයි

හැම දේම මොඩර්න් වෙලානේ..කිරිබත් වෙනුවට කේක්..කැවුම් වෙනුවට රෝල්ස්..හොදයි නේද....

ඇත්තටන්ම මට දැනට අවුරුදු 24ක් උනාට දෙයියන්නගේ පිහිටෙන් මමනම් පොඩි කාලෙ නිය්ම විදියට අවුරුදු වින්ද කොල්ලෙක්...ඒක නිසාමයි මේක ලියන්නත් හිතුනෙ..

මගෙ අදහසනම් අපිට නැතත් අපෙන් පස්සෙ එන පොඩි උන්ටවත් ඒ අවස්තාව දෙන්න ඕනා..එහෙම උනාම තමා උන්ට මෙ පොලවෙ ව්ටිනාකම සුවද උන් අදුර ගන්නේ..රටට ආදරය කරන උන් ටිකක් හිටියොත් මේ රට ගොඩගන්න එක ගේමක් නෙමේ....

ඔක්කොම වෙනස් වෙලා නිසා හිතෙ දුකට ඇති උන හැගීම් ටික තමා මේ ලිව්වේ..............

(පොඩි එකාගෙ රචනාව වගේ ඇති..ඒත් කමක් නෑ..මට ඒක සතුටක්..)