මීට මාස කීපයකට කලින් මෙයාල ගැන මහ ඉහලින් කතා කලා...දැන් මතකද කාටවත් මේ රණවිරුවා කියන කෙනාව......??????
ලංකාවේ මිනිස්සුන්ට පරම්පරාගත ලෙඩක් තියෙනවනේ ඔය අමතක වීම කියලා......තාම බේත් නෑලූ...........පව්.
ඒ දවස් වල යුද්දෙ කාලේ අපෙ සහෝදර රණවිරු රණවීරවරියන්ට සැලකුවේ මහ ඉහලින්..බෝධි පූජා තිබ්බා,රටේ සෑම ආගමික ස්ථානයකම පුද පූජා තිබ්බා,ආශිර්වාද කලා..
ගමට ආමි කොල්ලා එනකොට තොරන් බැන්දා..ආමි කොල්ලගේ කෙල්ල මගට දුවගෙන ආවා..කෝ දැන් ඒවා?????????
දැන් එයාල ගැන එක දැන්වීමක්වත් ටීවී එකේ යන්නෙ නැති තරම්..යුද්දේ අයිතිය ගැන කියෝ කියෝ එක එක්කෙනා ලකුනු දාගන්නවා..(මහ නින්දිත වැඩක්)..
කරවටක් මඩ වගුරු වල එරි එරී,නිදහසේ බත් කටක් කන්න නැතුව,දවස් ගානක් නාන්න නැතුව,දරුවෙක් මල්ලෙක් බිරිද දකින්න නැතුව සියක් කෝටි දුක් විදපු ඒ අපේම එකාව කාගෙ කාගෙත් මතකයෙන් ඈත් වෙලා..
හැමදාම කියන්ව වගේ ඒ දෙවියො ඒ කටයුත්ත කරපු නිසා තමා ඔයත් මමත් මේ පෝස්ට් එක කියෝන ඔයත් අද මෙතන ඉන්නෙ....
මේක මෙහෙම කිව්ව්ට සැප වාහන වල යන,සැප කෑම කන,අම්බානට සැපගන්න මේ රටේ උන්ට මේක තේරෙන්නෙ නෑ කවදාවත්.......කාටවත්......
යුද්දෙ ඉවරයි කියලා ඒ අපේම එකා තාම නිදහසේ හුස්මක් ගත්තේ නෑ...තාමත් වැඩ...ඔව් තාමත්....
ත්‍රස්තවාදීන් විනාශ කරපු ඒ අපේම රට නැවතත් තිබුනටත් වඩා හොදට ගොඩනගන්න තාමත් උදේ රෑ නොබලාම ඒ අපේ එකා වැඩ..
...............
මේ යුද්දෙ ඉවර කරන්න නිවැරදි නායකත්වයක් ලැබුනා තමා...
ඒත් ඒ අණ පිලිපදින්න ක්‍රියාත්මක කරන්න නියම වැඩකාරයෝ ඉන්නත් ඕනා..
ජාතියේ පිනට පහල වෙච්ච අන්න ඒ උතුම් අපේ උන් හින්දා අපේ පන කෙන්ද තාමත් තියෙනවා...
ඒ අපේ එකාව අමතක කරන්න එපා..
ගමක ගම්බාර දෙවියෝ වගේම තමා රණවිරුවා....
මගෙ අදහසනම් ඒ අපේ එකා ගම්බාර නෙමේ රට බාර දෙවියෝ කියලා...........
අපෙන් එකෙකි ඒ මිනිසා..................................
Thursday, April 22, 2010
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment